ලාංකිකයන්ට ජර්මනියේ රැකියා අවස්ථා. පෙබරවාරි 17 ට කලින් දැන්ම අයදුම් කරන්න

Posted on 679 views

රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තෝරාගත් අංශ සඳහා ජර්මනියේ රැකියා අවස්ථා ප්‍රකාශයට පත් කර තිබේ.ශ්‍රී ලාංකිකයින්ට එරට රැකියා අවස්ථා උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම වැඩසටහනක් ආරම්භ කර ඇත.

තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම් සහ සත්කාරක අංශයන් හි සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයින් සඳහා ජර්මනියේ රැකියා අවස්ථා පළකර තිබේ.මේ සඳහා රැකියා කාණ්ඩ 43ක් සිය වෙබ් ද්වාරය වන https://services.slbfe.lk/jobbank/germany_jobs?%22 හි ලැයිස්තුගත කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

ජර්මනියේ ඉහත සඳහන් කළ රැකියා අවස්ථා පිළිබඳව උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයින් මෙම වෙබ් ද්වාරය හරහා තම තොරතුරු සහ ජීව දත්ත පත්‍රිකාව ඉදිරිපත් කළ යුතුය. ජර්මනියේ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ දත්ත සමුදායක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත හැකි වන පරිදි ලේඛන 2023 පෙබරවාරි 17 දිනට පෙර ඉදිරිපත් කළ යුතු වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 1 =