සේවායෝජකයින් විසින් සපයන ලද නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, සන්නිවේදන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු කාණ්ඩ කීපයක් සඳහා නව බදු සංශෝධනය නිකුත් කර තිබේ.
උපයන විට බදු මූල්‍ය ගණනය කිරීමේදී මූල්‍ය නොවන දීමනා සඳහා බදු අයකිරීම සංශෝධනය කිරීමට අදාල චක්‍රලේඛය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් 2023.02.07 දින නිකුත් කර තිබේ.
ඒ අනුව සියලුම සේවකයින්ගේ වැටුපට අමතර දීමනා සඳහා අය කළ බදු සංශෝධනය කෙරෙනු ඇත.
මෙම චක්‍රලේඛයට අනුව අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරන ලෙසට සියලුම දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පියවර ගෙන තිබේ.
කසුන් විරතුංග
මාධ්‍ය ප්‍රධානී
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය