සුන්බුන් යට සිරවී සිටි දරුවෙක්ව ‘බෝතල් මූඩියකින් වතුර පොවමින් ගලවාගත්’ දුක්බර අවස්ථාවේ දර්ශන

Posted on 338 views

භූ කම්පන හේතුවෙන් සුන්බුන් යට සිරවී සිටි මුහම්මද් නම් තරුණ සිරියානු පිරිමි ළමයෙකු පිටතට ගැනීමට පෙර බෝතල් මූඩියකින් ජලය පානය කිරීමට ලබා දී ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා

Hatay හි පැය 45 කට ආසන්න කාලයක් මෙම දරුවා සිරව සිට ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මේ අතර උතුරු සිරියාවේ සහ දකුණු තුර්කියේ සඳුදා(06) ඇති වූ භූමිකම්පාවලින් විනාශ වූ ප්‍රදේශවල ජීවත්ව සිටි පුද්ගලයන් පිළිබඳව වැඩි බලාපොරොත්තුවක් තබා ගැනීම අසීරු බව විදෙස් මාධ්‍ය පවසනවා.

නමුත් සුන්බුන් යට සිරවී සිටින අය වෙත ළඟා වීමට ගලවාගැනීම්කරුවන් දිගටම මෙහෙයුම් සිදුකරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five − one =