ranjan

රන්ජන් ජනාධිපති සමාවෙන් එලියේ..

Posted on 1,105 views

සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ජනාධිපති සමාව ලබා ගැනීමට අදාළ ලේඛණ වලට අත්සන් තබා තිබේ.

ඔහුගේ නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මේ බව තහවුරු කලේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට එළඹෙන සතිය තුළ ජනාධිපති සමාව ලබා දෙනු ඇති බවත් බදාදා දිනයට පෙර ඔහු බන්ධනාගාරයෙන් නික්ම යනු ඇති බවත් ආරංචි මාර්ග වාර්තා කර සිටියේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත ඔහු මේ වන විට බන්ධනාගාර ගතව සිටී.

අදාළ වරද සඳහා අධිකරණයෙන් සමාව ඉල්ලා දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙන ලෙස කර ඇති නිර්දේශ මත රාමනායක හිටපු මන්ත්‍රීවරයා එම දිවුරුම් ප්‍රකාශය ද අද දිනය තුළ ලබාදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 14 =