Mahesh Duggannarala

දහස් ගණන් සිසුන් හඬවා ඔහු නික්ම යයි

Posted on 932 views

ජනප්‍රිය භෞතික විද්‍යා ගුරුවරයෙකු වන මහේෂ් දුක්ගන්නාරාළ මහතා ඊයේ ජීවිතක්ෂයට පත් වුණා.

නිවසේදී සිදු වූ ලිස්සා වැටීමකින් ඔහුගේ නහරයකට හානි සිදුව තිබූ අතර ඉන් පසුව ඔහු රෝහල් ගතකරනු ලැබූවා.

එහෙත් දින කිහිපයකින් පසු ඉතා අවාසනාවන්ත ලෙස ඔහු ඊයේ දිනයේදී ජීවිතයෙන් සමුගත් අතර බොහෝ දෙනා ඔහුගේ වියෝව පිළිබඳව කම්පා වනුයේ ඔහු සිසුන් මෙන්ම ගුරුවරුන් අතරද ජනප්‍රිය චරිතයක් වූ බැවිනුයි.

මේ සම්බන්ධයෙන් දිනේශ් මුතුගල ගුරුවරයා තැබූ සටහන,

දුකා යන්න ගිහින්..!

මහේෂ් දුක්ගන්නාරාල කියන අහිංසකම අහිංසක ටියුෂන් ගුරුවරයා ජීවන ගමනෙන් සමු අරන්. මේ සටහන මම ලියන්නේ අයියේ උඹට කියවන්නයි. මම දන්නවා උඹ දැන් අපි අතර නෑ කියලා. ඒත් ඉන්න අපිට ලියන්න වෙනවා. මොකද උඹට නෙවෙයි දුක. අපිටයි දුක..! මම ටියුෂන් පටන් ගන්නෙ 2010. උඹ එතකොට නාරම්මල ඵ්හ්ය්සිcස් උගන්නනවා. මමත් පන්ති පටන් ගත්තා විතරයි. පස්සේ ජීවිත ගමනේ අනේක විධ සීමා තරණය කරලා උඹයි මමයි ආයෙම මුණගැහෙනවා. එදා මූණට මුණගැහිලා “මල්ලි” කියපු විදිය අදටත් මතකයි. උඹ පුදුම නිහතමානී මිනිහෙක් අයියේ.

මේ පින්තූරෙ ගත්තෙ එදා ඒ මුණගැහුණු දවසේ. වැඩසටහනකට සහභාගී වෙන්න ආව වෙලාවේ. අනිත් අය එක්ක උඹ කතා කරද්දි මම හරිම ආසාවෙන් ඒ දිහා බලාන හිටියේ. එච්චරටම ඒ කතාව නිහතමානී නිසා. හැබැයි මම ජීවිතේට හිතුවෙ නෑ මේ පින්තූරෙ මේ විදියට දාන්න වෙයි කියලා..!

උඹ මොනතරම් නිහතමානී මිනිහෙක්ද. මට දුක ටියුෂන් ගුරුවරයෙක් නැතිඋන එකට නෙවෙයි. මේ ලෝකෙට අඩුවෙන්ම ඉන්න නිහතමානී මිනිස්සු කීප දෙනා අතුරින් එ⁣ක්කෙනෙක් නැතිවුන එකයි.

හැබැයි උඹ කොච්චර දක්ෂ ගුරුවරයෙක්ද කියලා උඹෙන් ඉගෙනගත්තු ළමයි කෑ මොර දිදී කියනවා. ඒ සාක්ෂිය හොඳටම ඇති. අපි කියනවටත් වඩා. මට වැඩි වචන නෑ. උඹ සනීප වෙලා එයි කියලා බලාගෙනයි උන්නෙ. එදාට ආයෙම උඹේ කතාවක් අහලා හිනාවෙන්න. ඒත් ආයෙම උඹ එන්නෑ. ඒ නිසා පතන්නම් අයියේ, “උඹ⁣ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා..!!!” – මුතුගල මල්ලී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − nine =