iPhone 14 Price in Sri Lanka

නවතම අයිෆෝන් 14 එකක මිල මෙන්න

Posted on 675 views

ඇපල් සමාගම විසින් සිය නවතම නිෂ්පාදනය ලෙස අයිෆෝන් 14 මාදිලිය එළිදක්වා තිබේ.

ඒ අනුව iPhone 14 / iPhone 14 Plus / iPhone 14 Pro / iPhone 14 Pro Max යන වර්ග 04 ක් යටතේ මෙම දුරකථන වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් SOS පණිවුඩ සේවාවකින් නව දුරකථනය සමන්විත වන අතර දැනට අමෙරිකාව සහ කැනඩාව තුළ පමණක් මෙම පහසුකම ක්‍රියාත්මක වනු ඇත.

මෙගාපික්සල් 48 කැමරාවකින්ද අයිෆෝන් 14 සමන්විත බව ඇපල් සමාගම නිවේදනය කරයි.

iPhone 14 & 14 Plu s – midnight, starlight, light blue, light purple, Red යන වර්ණ 05 කින්ද, iPhone 14 Pro and Pro Max space – black, gold, silver and deep purple වර්ණ 04 න්ද වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබේ.

iPhone 14 රුපියල් 337,000 ක ආරම්භක මිළකින්ද , iPhone 14 Plus රුපියල් 380,000 ක මිළකටද, iPhone 14 Pro රුපියල් 421,000 ක ආරම්භක මිළකින්ද , iPhone 14 Pro Max රුපියල් 457,000 ක මිළකට ද අලෙවි වනු ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් iPhone 14 ජනතාවට මිලදී ගත හැකි වනුයේ සැප්තැම්බර් 16 වන දින බව එම සමාගම සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + 8 =