නව ඇමතිලා දිවුරන්නේ මෙහෙමයි..

Posted on 207 views

කැබිනට් සංශෝධනය වහාම ක්‍රියාත්මක කලයුතු බවට ජනාධිපතිවරයා පැවසූ බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඒ ජනාධිපතිවරයාගේ සමීපතමයින් විසින් සිදුකරන ලද දේශපාලන වාර්තාවකට අනුවයි.

විශේෂයෙන්ම අමත්‍යාංශ ගණනාවක් පිලිබදව පැමිණිලි රාශියක් ලැබී ඇති අතර ඒ එම අමාත්‍යාංශ වල කාර්යක්ෂමතාව හා අමාත්‍යවරුන්ගේ දුර්වලතාවයන් පිලිබදවයි.

ජනාධිපතිවරයාට ශක්තියක් වීමට විශේෂයෙන්ම මැතිවරණයක් ආසන්න මොහොතක පලපුරුදු දේශපාලකයින් අවශ්‍ය බව ජනාධිපතිවරයාට සමීප හිතවතුන් දැනුම් දී ඇත. ක්‍රීඩා,මහාමාර්ග ජනමාධ්‍ය ,පරිසර,වරාය,ප්‍රවාහන,විදුලිබල ,කර්මාන්ත යන අමාත්‍යාංශ මෙහිදී අනිවාර්‍යෙන්ම සංශෝධනය වීමට නියමිතය.

වරකට අමාත්‍යවරුන් පස්දෙනා බැගින් දෙවරකදී මෙම දිවුරුම් දීම සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.දැනට අමාත්‍යධුර දරන කිහිප දෙනෙකුගේ අමාත්‍යාංශ අහිමිවී යා හැකි බවද එම දේශපාලන ආරංචිමාර්ග පවසයි.

– Repoter

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × three =