මැතිවරණ කොමිසමේ තවත් සාමාජික පිරිසක් අස්වෙයි..? කොමිසමක් නෑ..?

Posted on 136 views

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තවත් කීප දෙනෙකු ඉදිරියේදී අස් වීමට සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

කොමිසමේ එක් සාමාජිකාවක් ඉල්ලා අස් වූයේ ඉල්ලා අස්වීම් පෙළක පළමු අදියර බවද හෙතෙම පවසයි.

ඒ අනුව එහි තවත් සාමාජිකයන් කිහිප දෙනකු ඉල්ලා අස්කරවීමට ඔවුන් එම තනතුරුවලට ගෙන ආ හාම්පුතුන් කටයුතු කරනු ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස් වීම මත කොමිසම රැස්වීමට නොහැකි බව පවසමින් මැතිවරණය කල් දැමීමට යම් සූදානමක් ඇති බව ද හෙතෙම කියා සිටියේය.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + three =