තම බාප්පා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් එලවීමේ මහමොළකරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් පළ කර ඇත.
පාර්ලිමේන්තුව ලොබියේදී මන්ත්‍රීවරුන් පිරිසක් සමග ඔහු ඒ පිළිබඳව අදහස් පළ කර ඇත්තේ මෙසේය.
‘ගෝඨා බාප්පිව එළවන එකේ මහ මොළකරු වුණේ වෙන කවුරුවත් නෙවෙයි ගෝඨා බාප්පිම තමයි. මොකද ගෝඨා බාප්පිට ඒ කාලේ ලොකු වුවමනාවක් තිබිලා තියෙනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති තනතුරින් අයින් කරලා තනිවම දේශපාලන ගමනක් යන්න. අන්තිමේ දී එයාගේ වැඩ එයාටම බැක් ෆයර් වුණා’