යලිත් තෙල් පෝලිම් යුගයක්…- කංචන

Posted on 197 views

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ විදුලි සැපයුම විසන්ධි නොකර ඉන්නැයි ඉල්ලීමක් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ලැබී ඇති නමුත් රටේ මුදල් තත්ත්වය ඊට බලපා ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ අනුව විභාගය පැවැත්වෙන කාලයේදීද විදුලි කප්පාදුව වැළැක්වීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.

අදාල කාලසීමාවේ අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා අමතරව රුපියල් බිලියන 5 ක පිරිවැයක් දැරීමට සිදුවන බව තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට දන්වා ඇති බවද පැවසූ ඔහු එම මුදල ගෙවීම සඳහා මණ්ඩලයට මුල්‍ය ශක්තියක් නැති බවද කියා සිටියේය.

එම මුදල් නොගෙවා ණයට ඉන්ධන ලබාගත හොත් සිදු වන්නේ නැවතත් ඉන්ධන පෝලිම් යුගයකට අවතීර්ණ වීම බව ද ඇමතිවරයා කියා සිටියේය.

පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලද බවද පැවසූ ඔහු එම සංශෝධනයට ඉඩ දෙන්නැයි ඉල්ලා සිටින්නේ නැවතත් පෝලිම් යුගයක් නිර්මාණය වැළැක්වීමට යැයි ද තව දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 5 =