කොරෝනා වෛරසය පාලනය සඳහා ෆයිසර් එන්නත ලබා ගත් පුද්ගලයන්ට අතුරු ආබාධ ඇති වන බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
එම එන්නත ලබා ගත් අයට විවිධ සංකූලතා ඇති වන බවත් ඉන් බොහෝ දෙනකු මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය ඔස්සේද පුවත් සංසරණය වෙමින් ඇත.
මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රකාශ නිකුත් කර නැති බවද පවසන වසංගත රෝග විද්‍යා අංශය මෙලෙස සංසරණ යන පුවත් ගැන බියක් ඇති කර නොගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.