හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ 11.45 ට පමණ කටුනායක ගුවන්තොටුපලෙන් යළි මෙරටට පැමිණ තිබේ.
ජනතා විරෝධතා මත ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ ඒ මහතා මාසයකුත් දින 20 ක කාලයක් පුරා විදේශ රටවල රැඳී සිටියහ.
හිටපු ජනාධිපතිගේ පැමිණීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපල ආසන්නයේ විශේෂ ආරක්ෂාවක්ද යොදා තිබුණි.
ඒ මහතාට මෙරට රැදී සිටීම සඳහා කොළඹ විශේෂ නිල නිවසක් සූදානම් කර ඇති බවද වාර්තා වෙයි.