O/L ප්‍රතිඵල ගැන ඉඟියක්

Posted on 440 views

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් නිෂ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පවසයි.

රටේ පවතින ගැටලුකාරී තත්ත්වයන් සමග කෙසේ හෝ ප්‍රතිඵල ඉතා ඉක්මනින් නිකුත් කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

අද (29) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

“අපි ඉක්මනින් දෙනවා. මාසේ කියන්න බෑ. අවිනිෂ්චිත ලෝකේ කිසිම දෙයක් නිෂ්චිත නෑ. විශේෂයෙන් ලංකාවේ. කෙනෙක් මගෙන් ඇහුවා ඇයි මේ විභාග ප්‍රතිඵල කල් යන්නේ කියලා . මම කිව්වා මේක මහ රැජින විසින් පාලනය කරන දෙපාර්තමේන්තුවක් නෙමේ. මේකත් ලංකා ආණ්ඩුවෙන් පාලනය වෙන ආයතනයක්. මේ ඔක්කෝම අපටත් බලපෑවා. අපි මහරැජිනිගේ පාලනය නිසා අපිට සියලු සම්පත් ඔක්කෝම ලැබිලා අපි වෙනම කණ්ඩායමක් විදියට නම්  ටක්ගාලා ප්‍රතිඵල දෙන්න තිබුණා. ඒ නිසා ප්‍රතිඵල දෙන එක ගැන අපිට කියන්න බෑ.  අපි මේ සමස්ථ කුලකයේ උප කුලකයක්. මේ සියලුම දේ අපේ වැඩ කරන අයටත් බලපෑවා. අපි ඉතා ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා.” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × two =