රන්ජන් රිවස් වෙයි..

Posted on 496 views

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් යෝජනා කරන ලද විදේශ සංචාර ප්‍රවර්ධන තානාපති තනතුර තමන් භාර නොගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

ජනතාවට සේවය කිරීම සඳහා තනතුරු අවශ්‍ය නැති බව ද හෙතෙම පැවසීය.

රජයේ තනතුරක් තමන් භාර ගතහොත් ඩීල් එකක් දැම්මා හා සමාන විය හැකි යැයි ද ඔහු පැවසීය.

බරපතල වැඩ සහිත සිර දඬුවමකට ලක් කර සිටි ඔහු ජනාධිපතිවරයා විසින් කොන්දේසි සහිත සමාවක් යටතේ නිදහස් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 1 =