මෙරට බැංකු පද්ධතිය කඩා වැටීම ආසන්නයේ..

Posted on 197 views

බැංකු පද්ධතිය නුදුරේදීම කඩා වැටීමේ අවදානමක් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ මහාචාර්ය නිහාල් හෙන්නායක මහතා පවසනවා.

වැරදි ආර්ථික කළමනාකරණය මීට ප්‍රධානතම හේතුව බව පෙන්වාදෙන මහාචාර්යවරයා අවධාරණය කරන්නේ බංකොලොත් වී ඇති රාජ්‍ය ආයතන රැසක් මෙරට බැංකු හරහා ලබාගෙන ඇති ණය පියවීමට අපොහොසත් වීමෙන් මෙම තත්වය නිර්මාණය වී ඇති බවයි.

මෙරට අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුව 2021 වසරේ වැය කර ඇති මුදල රුපියල් බිලියන 200ක් පමණ වන බව පෙන්වා දුන් මහාචාර්යවරයා එම වසරේදී ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් පමණක් රුපියල් බිලියන වැඩි අලාභයක් සිදුව ඇති බව පෙන්වා දුන්නා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙම වසරේ මේ දක්වා ගෙවුණු පාඩුව බිලියන 700 කට ආසන්න අගයක ඇති බවද ඔහු මෙහිදී අනාවරණය කිරීම විශේෂත්වයක්.

මෙවැනි වටපිටාවක් තුළ අන්තර්ජාතික මූල්‍ය අරමුදල පිළිබඳව සම්පූර්ණ බලාපොරොත්තු තබමින් කටයුතු කිරීමට වඩා වැඩි වගකීමක් රට හමුවේ ඇති බව ද ඔහු මෙහිදී අනාවරණය කර තිබෙනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ලබා දෙන නොමිලේ අධ්‍යාපනයේ වටිනාකම ඒවායේ අධ්‍යාපනය ලබන සිසුන් නිසි අයුරින් අවබෝධ කරගෙන නොමැති බැවින් අදාළ පාඨමාලා සඳහා මිලක් තීරණය කලයුතු බව ද මහාචාර්ය නිහාල් හෙන්නායක මහතා අවධාරණය කළේ එසේ නොකරන්නේ නම් ඒ සඳහා වෙනත් ක්‍රමවේදයක් වහා සකස් කළ යුතු බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධයෙන් අදහස් පල කරන මහාචාර්යවරයා සඳහන් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 4ක් ලබා ගැනීම පිළිබඳ අවධානය යොමු කිරීමට වඩා තව දුරටත් අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර රැසක් පිළිබඳවද මෙහිදී කරුණු හෙළිකළා.

වගකීම් විරහිත ආයෝජන හේතුවෙන් රටට බරක් වී ඇති හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව සහ අවට සම්පත් ප්‍රයෝජනයට ගනිමින් සිදුකළ හැකි විශේෂ ආයෝජන පිළිබඳවද කරුණු හෙළි කිරීම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − thirteen =