ජනාධිපති සමාව මත නිදහස් වූ රන්ජන් රාමනායක මහතාට විදේශ ශ්‍රමිකයන්ගේ සුභසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති ධුරයකට පත්කිරීමට කටයුතු කර ඇත.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා විසින් මෙම පත් කිරීම කර ඇත.
රාමනායක මහතා එම තනතුර සතුටින් භාරගෙන ඇති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය කියා සිටී.
මෙම තනතුර ස්වෙච්ඡා තනතුරක් වන අතර ක්‍ෂෙත්‍රයට අදාළව ඔහු දැනුම ප්‍රයෝජනයට ගැනීමට එය ලබා දුන් බවද නිවේදනයේ දැක්වේ.