අද සිට ෆුල් ටෑන්ක් ලැබෙන අය මෙන්න

Posted on 1,439 views

මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය සම්පූර්ණ ඩීසල් ප්‍රමාණය සැපයීමට මේ වනවිට තීරණය කර තිබේ.

ඒ අනුව ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

පසුගිය සමයේ මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබාදීම සීමා කර තිබුණද අද සිට මෙලෙස බස් රථ සඳහා ඉන්ධන සම්පූර්ණයෙන් ලබාදෙන අයුරු අපට දැකගත හැකිවිය.

එසේම පෞද්ගලික බස් රථ සේවකයින් පවසන්නේ මෙම තීරණයත් සමඟ දින කිහිපයක් අඛණ්ඩව සිය බස්රථ ධාවනය කිරීමට අවස්ථාව උදාවන බවය.

මේ අතර ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම දිවයින පුරා නිල වශයෙන් ආරම්භ වී අදට දින 9කි.

මේ හේතුවෙන් කොළඹ සහ සෙසු ප්‍රදේශවලත් පිරවුම්හල් අසල පැවැති දිගු පෝලිම් සැලකිය යුතු ලෙස කෙටි වී තිබේ.

කෙසේවෙතත් මාස කිහිපයක සිට මේ දක්වා තමන්ට සිය ජීවිකාව සිදුකිරීමට අවශ්‍ය භූමිතෙල් ලබානොදුන් බවට චෝදනා කරමින් ගාල්ල,කොස්ගොඩ ධීවරයින් පිරිසක් ඊයේ විරෝධතාවයක නිරත වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 1 =