“විදුලි බිල්පත වැඩිවීම ලබන අඟහරුවාදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ලබන සතියේදී අපට පාරිභෝගිකයින්ට, මහජනතාවට කියන්න පුළුවන් විදුලි බිල වැඩිවෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. විදුලි බිල වැඩිකිරීමේදී අඩු ආදායම් ලබන අයට සහනාධාර ලබාදෙන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙනවාද කියලා මහාභාණ්ඩාගාරයෙන් විමසීමක් කළා, ඒත් ඒ සඳහා අපට යහපත් ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ. ඒ වුණත් අපි විදුලි බිල සංශෝධනයේදී ඒ තත්වය මගහරවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරිපත් කරනවා”
