අතුරුදන් වූ 09 හැවිරිදි දරුවා අන්තිමට හමුවූ තැන

Posted on 266 views

දළඳා පෙරහැර බැලීමට පැමිණ සිටියදී අතුරුදන්ව සිටි දරුවෙකු මහරගම ප්‍රදේශයේදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

එහිදී දරුවා රැගෙන පැමිණි සැකකටයුතු පුද්ගලයෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දරුවා සහ අදාළ පුද්ගලයා ඊයේ රාත්‍රියේ අවිස්සාවේල්ල දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක සිටියදී මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.

අදාළ දරුවා 09 හැවිරිදි වියේ පසුවන අතර සැකකටයුතු පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මයිලාපිටිය තලවතුඔය ප්‍රදේශයේ පදිංචි එම දරුවා පසුගිය 03 වනදා තම මව්පියන් සමඟ මහනුවර ශ්‍රී දළඳා පෙරහැර බැලීමට පැමිණ ඇත.

එහිදී මව්පියන්ට නොදන්වා සැකකරු මෙලෙස දරුවා රැගෙන කොළඹට පැමිණ තිබේ.

අදාළ දරුවාගේ මව්පියන් විසින් දරුවා අතුරුදන්ව ඇති බවට මහනුවර පොලීසිය වෙත පැමිණිල්ලක්ද සිදුකර ඇත.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ අපරාධකරුවන් විසින් විවිධ අරමුණු සඳහා ළමයින් රවටා රැගෙන යා හැකි බවත් එළෙස ළමුන් රවටා රැගෙන යාමට මෙවැනි අවස්ථා උපයෝගී කරගතහැකි බවත් විවිධ සිදුවීම් හරහා නිරීක්ෂණය වී ඇති බවය.

මේ හේතුවෙන් මහජනයා වැඩි වසහ්යෙන් රැස්වන උත්සව අවස්ථාවන් හෝ පොදු ස්ථානවල ගැවසීමේදී මව්පියන් තම කුඩා දරුවන් පිළිබඳව දැඩි අවධානයෙන් සහ සැළකිලිමත්ව කටයුතු කළයුතු බව පොලීසිය පෙන්වා දෙයි.

එසේම තම ආරක්ෂාව පිළිබඳව කුඩා ළමුන්ද නිරන්තරයෙන් දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 4 =