QR ගැන පරිභෝගිකයන්ට දැනුම් දීමක්

Posted on 435 views

ජාතික ඉන්ධන අවසර පත්‍ර QR කේතය ප්‍රවේශම් කරගන්නැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉන්ධන පාරිභෝගිකයන්ට දැනුම් දෙනවා.

එය වෙනත් පාර්ශවයකට ලබාගත හැකි ලෙස ප්‍රදර්ශනය නොකරන ලෙසටයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.

එමෙන්ම මෙම QR කේතය අන් කිසිවෙකුට ලබා නොගත හැකි ලෙස සුරක්ෂිතව තබාගන්නා ලෙසට ද අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

දැනට ලියාපදිංචි වී QR ඇති කේත ඉවත් කර දැමීමේ පහසුකම දැන් නැවත ලබාදී ඇති අතර එමගින් නැවත ලියාපදිංචි වීමේ පහසුකම ද ලබාදී ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා කියාසිටියේ.

මේ අතර අද (05) සිට ලබන 7වනදා දක්වා බස්නාහිර පළාත තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 198කට ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලබාදෙන ආකාරය මෙහි දැක්වෙනවා.

එම පිරවුම්හල් ලැයිස්තුව පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + 7 =