QR ක්‍රමයට බෙදන්නත් තෙල් නෑ

Posted on 682 views

ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදු වන්නේ නම් සතියක කාලෙකින් සියලුම පෝලිම් අවසන් කිරීමට හැකි බව ඛනිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය පවසයි.

සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා සඳහන් කරන්නේ රජය විසින් හඳුන්වා දී ඇති QR කේත ක්‍රමය අනුව ඉන්ධන ලබා දීම සාර්ථකව වුවද ඉන්ධන අඛණ්ඩව ලැබෙන්නේ පිරවුම්හල් 1,200න් 800කට පමණක් බවයි.

නව ක්‍රමවේදය හරහා ඉන්ධන පිරවුම්හල් වලින් අයථා ලෙස ඉන්ධන නිකුතුවට බැට බැඳෙන බවත් මෙම ක්‍රමවේදය අනුව සියල්ල සිදු කිරීමට පිරවුම්හල් සූදානමින් සිටියත් ඉන්ධන නොමැතිකම ගැටලුවක් වී ඇති බවත් හෙතෙම කියා සිටී.

ඉන්දීය තෙල් සමාගමේ සෑම පිරවුම්හලකටම එක් වරකට ඉන්දන ලීටර 19,800ක් ලැබුණද සිපෙට්කෝ පිරවුම් හලකට වරකට ලැබෙන්නේ ලීටර් 6,600ක් පමණක් යැයිද ඔහු තවදුරටත් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + seven =