කොවිඩ් පැතිරුණත් පාසල් වහන්න එපා

Posted on 324 views

කොවිඩ් රෝගය විශාල වශයෙන් මෙරට පැතිර ගියද පාසල් වසා දැමීමට කටයුතු නොකරන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අධ්‍යාපන බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

පසුගිය කොවිඩ් වසංගත කාලයේදී පාසල් වසා දැමීම හේතුවෙන් මේ වන විට සැලකිය යුතු ළමයින් පිරිසකට විවිධ මානසික ප්‍රශ්න මතුව ඇති බවත් ඇතැම් දරුවන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් ජංගම දුරකථනයේ අසභ්‍ය දර්ශනයන් නැරඹීමට පෙලැඹී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

කොවිඩ් රෝගය දියුණු රටවල පැතිර ගියද එම රටවල පාසල් වසා දැමීමට කටයුතු නොකළ බවද වෛද්‍ය දීපාල් පෙන්වා දේ.

කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීම සඳහා දරුවන්ට හැකි පමණ සෞඛ්‍ය පුරුදුවලට අනුගත කරවීමට දෙමාපියන් වගබලා ගත යුතු බවත්, පාසල් ගමන නතර කිරීමට කිසිවිටකත් කටයුතු නොකළ යුතු බවත් හෙතෙම පෙන්වාද‍ේ.

පාසල් ගමන නතර වීම හේතුවෙන් බොහෝ දරුවන්ට මානසික ගැටලු හේතුවෙන් කායික රෝග ගණනාවක්ම මතුව ඇති බවත් ඒ අතර නිතර නිතර ඇතිවන හිසරදය, උදරයේ වේදනාව, අලස බව, මතක නැති වීමේ ස්වභාවය පෙන්වා දිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරයි.

ශ්‍රියානි විජේසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 4 =