සති 02 කට වරක් සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදුකිරීමට නියමිතයි.
සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා ඉගි පළකර තිබුණේ අද දිනයේදීත් බොහෝ දුරට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බවයි.
ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහත යෑමට සාපේක්ෂව මෙරට තෙල් මිල මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බව සඳහන්.