පාසල් යන්න ඉන්න දරුවන්ට විශේෂ නිවේදනයක්

Posted on 452 views

පසුගිය සතියේ පාසල් පැවැත්වූ ආකාරයටම අගෝස්තු මස 1 දා සිට 5 වනදා දක්වා පාසල් පැවැත්වීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසැල් පැවැත්වීමට නියමිතය.

බදාදා සහ සිකුරාදා දිනවල සිසුන්ට නිවෙස්වල සිට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට හැකියාව ඇත.

එසේ වුවද ප්‍රවාහන අපහසුතා නොමැති පාසල්වල විදුල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාව සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය මත බදාදා සහ සිකුරාදා දිනවල ද පාසල් පැවැත්විය හැකිය.

මෙහිදී පාසල් තුළ පවතින තත්ත්වයන් සලකා සෑම ගුරුවරයෙකුටම අවම වශයෙන් දින තුනක් පාසලට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට හැකිවන ලෙස නම්‍යශීලි කාල සටහනක් සකස් කළ හැකිය.

පළාත් ප්‍රවාහන අධිකාරිය පාසල් සේවය සඳහා වෙන්වු පෞද්ගලික බස්රථ පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදවන අතර සාමාන්‍ය බස් ගාස්තුව ගෙවා ගුරුවරුන්ට සහ සිසුන්ට එමඟින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකිය.

අගෝස්තු (01) වනදා සිට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අද (30) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී එම තීරණයට එළඹී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 5 =