භයානකම ප‍්‍රභේදය ලංකාවෙන් හදුනාගනී.. දරුණු තත්වයක් ආසන්නයේ…

Posted on 300 views

මේ වන විට ලොව පුරා වේගයෙන් ම පැතිර යන කොරෝනා වෛරස ප‍්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හඳුනා ගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශ ප්‍රධානී ආචාර්ය චන්දිම මහතා පෙන්වා දෙන්නේ මෙම ප‍්‍රභේදය පැතිරී යාමත් සමග රට තුළ දරුණු තත්වයක් නිර්මාණය වනු ඇති බවයි

‘අපගේ ආයතනය මගින් මේ නවතම ජාන විශ්ලේෂණතා පරීක්ෂණයට අනුව සොයාගෙන තියෙනවා දැනට ලංකාවේ විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව පැතිරුණු ප්‍රධානතම ප්‍රභේදය විදියට බී.ඒ.5 කියන ඔමික්‍රෝන් අනු ප්‍රභේදය. මේක ලංකාවේ ප්‍රථම වතාවට තමයි අපි සොයා ගත්තේ. මේක තමා ලෝකයේ හැමතැනම මේ වන විට කොවිඩ් 19 රෝගය පැතිරීමට ප්‍රධානතම ප්‍රභේදය ලෙස හඳුනාගෙන තියෙන්නේ. මේක තමා මේ වන විට කොවිඩ් – 19 හඳුනාගත්තට පස්සේ වේගයෙන්ම පැතිරෙන්න පුලුවන් ප්‍රභේදය. ඒ නිසා ඉදිරියේදී අවදානමක් තියෙනවා රෝගීන් ප්‍රමාණය වැඩි වීමේ. ඒ සඳහා තමයි අප සූදානම් විය යුත්තේ’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × two =