ගොතටුව ඉන්ධන පිරවුම්හලට පැමිණෙන සියලුම වාහන එක් පෝලිමකට යොමුකර ඉන්ධන ලබාදීමට ගොතටුව පොලීසිය කටයුතු කර තිබේ.
එලෙස සිදුකර ඇත්තේ පිරවුම්හල දෙපස මාර්ගයේ ඇතිවන තදබදය වැළැක්වීම වෙනුවෙනි.
මේ අතර ලබන 31 වැනිදාට පෙර ආසන්නයේම ඇති පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීම සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචිය අද තෙවැනි දිනටත් ක්‍රියාත්මක වුණි.
ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදය සඳහා අද පස්වරුව වන විට ලියාපදිංචි වූ වාහන ගණන මිලියන 4.6 කි.
ඒ, මෝටර් රථ 625,932ක්, වෑන් රථ 231,553ක්, ත්‍රිරෝද රථ 816,268ක්, ලොරි රථ 200,969ක්, බස්රථ 31,089ක්, යතුරුපැදි 2,671,238ක් සහ ඉඩම් වාහන 6,106ක් වශයෙනි.
එමෙන්ම ජාතික ඉන්ධන අවසර පතට අනුව මේ වනවිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 931කින් රථ වාහන 734,932ක් සඳහා ඉන්ධන ලීටර් 5,560,411ක් නිකුත් කර තිබේ